මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය සංගමයේ වෘත්තීය ගැටලු ගැන ජනපති අවධානයෙන්

    සැප්තැම්බර් 08, 2015

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථවේදී රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ ඉල්ලීම් සිදු කළ අතර ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිනි.

    රාජ්‍ය වැටුප් ප‍්‍රතිපත්තිය ආරක්ෂා කර ගනිමින් රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස සංගමය මෙහිදි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව අවධානය යොමු කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    සීමාවාසික වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය දියුණු කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කිරීමට යෝජිතව තිබූ එහෙත් මේ දක්වා ක‍්‍රියාත්මක නොවූ විශේෂ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

    මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදි ඇගයීමට ලක් කළ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඒ පිළිබඳ යෝජනා රැසක්ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට තම පූර්ණ සහයෝගය ලබා දෙන බවද ප‍්‍රකාශ කළහ.

    සාම්බ‍්‍රානි ලෙස වංචා සහගතව ලංකාවට ගෙන්වන ලද රේගු අත්අඩංගුවට පත්ව ඇති නිකොටින් කුට්ටි මුදා නොහරින ලෙස ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් සිදු කළහ.

    මෙම සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා මේ රටේ ගුණාත්මක වෛද්‍ය සේවාවක් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇති වැදගත්කම පිළිබඳව ද කරුණු අවධාරණය කළේය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya