මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 07, 2015

    දෙස් විදෙස් තොරතුරු තාක්ෂණ විද්වතුන්ගේ දැනුම වෘත්තීයවේදින් අතරට ගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකා පරිගණක සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2015 සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

    අද ආරම්භ කෙරෙන සම්මන්ත්‍රණය තෙදිනක් පුරා පැවැත්වෙන අතර මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදින්ගේ දැනුම වැඩිදියුණු කිරීම, නවතම දැනුම ඔවුන් අතර ඛෙදා හදා දීම මෙන්ම ඔවුන් අතර සබදතා දියුණු කිරීමත් විදේශීය වෘත්තීයවේදින් හා ක්ෂේත්‍රය සමග සබදතා වැඩිදියුණු කිරිමත් මෙමගින් අපේක්ෂා කෙරේ.

    මෙවර සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ 33 වන වරටය.

    ශ්‍රී ලංකා පරිගණක සංගමයේ වසර 33 ක ගමන් මග පිළිබද ලියවුණු ග්‍රන්ථයක්ද ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති අචාර්ය දයාන් රාජපක්ෂ මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya