මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධ දර්ශනය තවදුරටත් ලොව පුරා ප්‍රචලිත කිරීමට කටයුතු කරනවා - ජනපති

    අගෝස්තු 31, 2015

    මහනුවර පල්ලේකැලේ ඉදි කොට ඇති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තවදුරටත් වැඩි දියුණු කොට ලෝකවාසී ජනතාවට බෞද්ධ දර්ශනය හැදෑරීමට අවශ්‍ය පසුබිම පුළුල් කිරීමට ඉදිරියේදී කටයුතු යොදන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (30) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවති වාර්ෂික ඇසළ පෙරහර සමාප්ති උත්සවයට සහභාගී වෙමිනි.

     

    දැනට දළදා මාළිගාවේ මැදිහත්වීමෙන් ආරම්භ කොට පවත්වාගෙන යනු ලබන පල්ලේකැලේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කාර්යභාරය ගැන තමන් ඉතා සතුටට පත් වන බවත්, එම මධ්‍යස්ථානය තවදුරටත් වැඩි දියුණු ‍කොට බුදු දහම ගැන හැදෑරීමට පැමිණෙන දෙස් විදෙස් පර්යේෂකයන්ට අවශ්‍ය පරිදි එය පුළුල් කළ යුතු බවත් පැවසීය.

     

    වර්තමානයේදී මිනිසුන්ගේ ජීවිත යහපත් බවට පත් කිරීම සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් විවිධ නව නිපැයුම් සහ සොයා ගැනීම් තුළින් රටක් දියුණුව කරා ගියත් අවසානයේදී ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ අප ලබා ගන්නා අධ්‍යාත්මික දියුණුව බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එම අධ්‍යාත්මික දියුණුව ළඟා කර ගැනීමට බෞද්ධ දර්ශනයෙන් ලබා දෙන මග පෙන්වීම ඉතා සුවිසේෂි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම නිසා මුළු ලෝකයටම අප වැනි බෞද්ධ රටකට ලබා දිය හැකි එකම පණිවිඩය වන්නේ බෞද්ධ දර්ශනය බවද පෙන්වා දුන්නේය.

     

    එතුමා ප්‍රකාශ කළේ ඒ සඳහා මහානායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය මත ඒ සඳහා වැඩපිළිවෙළක් දියත් කරන බවයි. නිදහස සහ යහපාලනය රට තුළ ඇති කිරීමට වත්මන් රජය කටයුතු කරනවා මෙන්ම බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

     

    පෙරහැර සමාප්ත කිරීමේ මෙම උත්සව අවස්ථාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සිව් මහා දේවාලවල බස්නායක නිළමේවරුන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය ඇතුළු මහජන නියෝජතයින් රැසක් සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා ඇතුළු රජයේ නිලධාරීන්ද සහාභාගී වූහ.

     

    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya