මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදහම් යාත්‍රා පොහොය වැඩසටහන තෙල්දේණිය උපෝෂථාරාම විහාරස්ථානයේදී

    අගෝස්තු 29, 2015

    සදහම් යාත්‍රා නිකිණි පුර පසළොස්වක පොහොය වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (29) පෙරවරුවේ ඓතිහාසික කරල්ලියැද්ද, තෙල්දෙණිය උපෝෂථාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

    ජනාධිපතිතුමා ජනතා නියෝජිතයින් විසින් පිළිගෙන විහාරස්ථානය වෙත කැඳවා ගෙන ගිය අතර එතුමා එහිදී ආගමික වතාවත්වල නිරත විය.

     

    ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේට ජනාධිපතිතුමා ධර්ම දේශනාව සඳහා ආරාධනා කළේය‍.

     

    ජනාධිපතිතුමා විසින් මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කොට විහාර භූමියේ අඹ පැළයක් රෝපණය කරන ලදී.

     

    ජනාධිපතිතුමා මහා සංඝරත්නය වෙතින් ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ධර්මශ්‍රවණයට පැමිණ සිටි පිරිස සමඟ ඳ පිළිසදරක නිරත විය.

     

    ජනාධිපති බිරිද ජයන්ති සිරිසේන මහත්මිය ද, ප්‍රදේශය නියෝජනය කරන ලක්ෂ්මන් කිරිඇල්ල, එස්. බී දිසානායක, කෙහෙළිය රඹුක්වැල්ල, සරත් ඒකනායක ඇතුළු ජනතා නියෝජිතයින් ද ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, දිසාපතිවරුන් ඇතුළු නිලධාරීන් ද විහාරස්ථ දායක සභාව ඇතුළු ගම්වාසීන් විශාල පිරිසක් ද මෙම පින්කමට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya