මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිතීන් භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති රීති

    අගෝස්තු 29, 2015

    2016 වසරේ ජනවාරි 01 වැනි දින සිට මෙරට පොලිතීන් භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මෙම අදහස් පලකළේ අද (29) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවති ඇසළ පෙරහරට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ “සිරිදළදා සමිදුන්ට පිදෙන පාරිසරික සත්කාර“ වැඩසටහන ඇගැයීමේ අවස්ථාවේදීය.

     

    දේශීය ආහාර නිෂ්පාදනය, මත්ද්‍රව්‍ය මර්දනය, පරිසර සංරක්ෂණය, වකුගඩු රෝගය යන කරුණු හතර සම්බන්ධයෙන් පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කාර්යය සාධන බලකායන් හතරක් පිහිටුවා ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    එමෙන්ම පිළිකා රෝගය සඳහා ඇස්බැස්ටස් සෙවිලි තහඩුවල බලපෑමක් ඇති බවට දැනට අනාවරණය කරගෙන ඇති බැවින් 2017 ජනවාරි 01 දින සිට ඇස්බැස්ටස් සෙවිලි තහඩු ආනයනය තහනම් කරන බවත්, 2018 ජනවාරි 01 සිට ඇස්බැස්ටස් නිෂ්පාදනය නතර කිරිමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

     

    මෙහිදි පාසල් සිසු සිසුවියන් 728ක් හා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 65ක් සඳහා සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි.

     

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල , මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධීනිතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල , මහනුවර මහනගර සභාවේ නගරාධිපති මහේන්ද්‍ර රත්වත්ත, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ධර්මසිරි, යන මහත්ම මහත්මීන් ද, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් රැසක විදුහල්පතිවරුන්, ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

     

    kpm/DMU_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya