මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ඉදිකිරීම් 2015'' ජනපති අතින් විවෘත වෙයි

    අගෝස්තු 28, 2015

    ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ 15 වන සංවත්සරයට සමගාමීව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති ''ඉදිකිරීම් 2015'' ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (28) විවෘත කෙරිණි.

    මෙම විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ඉදිකිරීම් ප්‍රදර්ශන කුටි නැරඹමට ද එක් විය.

     

    ''ඉදිකිරීම් 2015'' ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුව විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

     

    එසේම ජනාධිපතිතුමා ඉදිකිරීම් ''2015'' ප්‍රදර්ශනයේ කුසලතා දැක්වූවන්ට සමරු තිලිණ ප්‍රදානය කිරීමට ද එක්ව සිටියේය.

     

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන්, ඉදිකිරීම් සංගමයේ සභාපති දේශමාන්‍ය එස්.පී. ලියනාරච්චි, ඉදිකිරීම් සංගමයේ ලේකම් පුබුදු කමල් පෙරේරා යන මහත්වරුන් ද එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya