මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි නිරික්ෂණ චාරිකාවක

    අගෝස්තු 26, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) දහවල් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    මාළිගාවත්ත පිහිටි වෙරළ සංරක්ෂණ දෙපාරත්මේන්තුව වෙත අද දහවල් හදිසියේම ගිය ජනාධිපතිතුමා එහි කටයුතු අධීක්ෂණය කළේය. අනතුරුව එහි ශ්‍රවණාගාරයේදී කාර්ය මණ්ඩලය හමු විය.

     

    වෙරළ සංරක්ෂණය සහ ආරක්ෂණ කටයුතු වෙනුවෙන් මෙතෙක් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිතුමා එහිදී පැන නැගී ඇති ගැටලු පිළිබඳව ද විමසා බැලීය.

     

    වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රසිරි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිතුමා කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක ද නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya