මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ජනපති හමු වෙයි

    අගෝස්තු 26, 2015

    ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ (25) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

    මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි මහතා ද මෙම හමුවට එක්ව සිටියේය.

     

    නිශා බිස්වාල් මහත්මිය විසින් එක්සත් ජනපද රජය සහ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා වෙනුවෙන් සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළ අතර එක්සත් ජනපදය ශ්‍රී ලංකාව වෙත සිය අඛණ්ඩ සහයෝගය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කරන ලදී.

     

    ජාත්‍යන්තර ප්‍රජාව සතුටට පත් වන ආකාරයට ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය, සාමය හා සංහිදියාව පිහිටුවීමේ මාවතකට හැරී ඇති බව ඇය අවධාරණය කළාය.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් යුත් පරිපාලනය විසින් අනුගමනය කරන ආණ්ඩුක්‍රමය බිස්වාල් මහත්මියගේ පැසසුමට ලක් වූවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya