මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තොරතුරු කවුළුව අද සිට

    අගෝස්තු 24, 2015

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තොරතුරු කවුළුව අද (24) ආරම්භ කෙරේ. අටවැනි අභිනව පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සැලසීම පහසු කරවීමටත්, සියලු ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පහසුව සඳහාත් අද සිට ලබන 26 වැනි දින දක්වා පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේදී තොරතුරු කවුළුව පැවැත්වීමට කටයුතු කෙරෙනු ඇත.


    එහිදී පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් සහ අත්‍යවශ්‍ය තොරතුරු සහ ලිපිලේඛනාදිය ලබාදීමට නියමිතය. එයට නොවරදවාම සහභාගීවන ලෙස සියලු ම ගරු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    එදින පාර්ලිමේන්තුවට ප්‍රවේශවීම පහසු කරවනු පිණිස ජාතික හැඳුනුම්පත හෝ තම අනන්‍යතාව තහවුරු කළ හැකි වලංගු වෙනත් ලේඛනයක් රැගෙන එන ලෙස සියලුම ගරු මන්ත්‍රීවරුන්ට දන්වා සිටිනු ඇත.

    එදිනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් ඒ සඳහා ද සූදානම්ව පැමිණෙන ලෙසත් සියලු ම ගරු මන්ත්‍රීවරුන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya