මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති දළදා සමිඳුන් වැඳපුදා ගනී

    අගෝස්තු 24, 2015

    අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.


    මහනුවර දළදා මාලිගාවට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රධාන සතර මහා දේවාල බස්නායක නිලමේවරුන් විසින් පිළිගන්නා ලදී.

    දළදා සමිඳුන් උදෙසා පුෂ්පෝපහාර පැවැත්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගාවේ සටහන් පොතේ සමරු සටහනක් තැබූ අතර දියවඩන නිලමේවරයා විසින් ඇත් රුවක් සහිත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

    අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස මල්වතු හා අස්ගිරි මහා විහාර වෙත ගොස් මහ නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya