මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික අංශය ශක්තිමත් විය යුතුයි - ජනපති

    අගෝස්තු 19, 2015
    රජයක් විදියට දේශීය වෙළෙඳපොළට සහ අපනයන වෙළෙඳපොළට අවාසියක් සිදුවන ආකාරයේ කිසිම තීන්දුවක් නොගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේය.
     

    බණ්ඩාරගම රයිගම ප‍්‍රදේශයේ පසුගියදා පැවැති උස්වත්ත කර්මාන්ත පුද්ගලික සමාගම මඟින් ඉදිකරන ලද නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයේදි ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.
     
    දේශීය නිෂ්පාදන මෙන්ම දේශීය කර්මාන්ත සඳහා වැඩි අනුග‍්‍රහයක් ලබාදීම තම රාජ්‍ය ප‍්‍රතිපත්තිය බවත් රජයකට වඩා පුද්ගලික අංශය අපනයන නිෂ්පාදනය සම්බන්ධයෙන් ශක්තිමත් වියයුතු බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම පුද්ගලික අංශය ශක්තිමත් කිරීම රජයේ මූලික ප‍්‍රතිපත්තියක් විය යුතු බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    එමෙන්ම සැමවිටම රාජ්‍ය භාණ්ඩාගාරය සහ ජාතික ආර්ථිකය ශක්තිමත් වන්නේ දේශීය නිෂ්පාදන ශක්තිමත් වීම තුළ බව ද පසුගිය කාල සීමාවන් ගත්විට බොහෝ වෙලාවට දේශීය කර්මාන්ත වැඩිදියුණු කිරීම සදහා ප‍්‍රමුඛත්වයක් ලබා දුන් බව පෙනේනනට නොතිබූ බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya