මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැංකොක් නුවර එරවන් සිද්ධස්ථානය අසලදී සිදු වූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ ජනපතිගේ දැඩි කණගාටුව

    අගෝස්තු 20, 2015

    විදේශිකයින් ඇතුළුව සිය ගණනක් අහිංසක ජනතාවගේ ජීවිත විනාශ කරමින් පසුගිය සඳුදා දින බැංකොක් නුවර එරවන් සිද්ධස්ථානය අසලදී සිදු වූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දැඩි කණගාටුව පළ කරයි.

     

    තායිලන්ත රාජධානියේ බුමිබොල් අදුල්යාඩෙජ් රජතුමා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිතුමා මෙලෙස සිය කණගාටුව ප‍්‍රකාශ කර සිටියේය.

     

    එම ඛේදජනක සිදුවීම පිළිබඳ ශී‍්‍ර ලංකා රජයත් ජනතාවත් වෙනුවෙන් තායිලන්ත රජයට සහ ජනතාවට සිය හෘදයාංගම කණගාටුව පළ කරන බවත් ප‍්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුල්වල ඥාතීන් වෙත දැඩි කණගාටුව පළ කරන අතරම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන බවද ජනාධිපතිතුමා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.

     

    මෙම පහත් කි‍්‍රයාව ශී‍්‍ර ලංකා රජය සහ ජනතාව දැඩිව හෙළා දකින අතර උද්ගතව ඇති අසීරු අවස්ථාවේ තායිලන්ත වැසියන් සහ තායිලන්ත රජය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිතුමා තායිලන්ත රජතුමා ඇතුළු රජය වෙත දන්වා සිටි.

     

    එමෙන්ම මෙම ත‍්‍රස්ත කි‍්‍රයාවේ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට තායිලන්ත රජය සියලූ පියවරයන් ගනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සිය පණිවිඩයේ සඳහන් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya