මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්

    අගෝස්තු 18, 2015

    මහමැතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පහත සඳහන් පරිදි වේ.

    "ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 මහ මැතිවරණය අවසානයේ කරන ලද විශේෂ ප්‍රකාශය (2015.08.17)

    තෙරුවන් සරණයි.

    ගෞරවනීය ස්වාමීන් වහන්ස, පූජක තුමනි, දෙමාපියනි, දරුවනි, මිත්‍රවරුනි,

     

    2015 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීම අද පස්වරු 4.00ට අවසන් වුනා. මේ වන විට මැතිවරණ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම මම අදහස් කළා මේ අවස්ථාවේ පැවති මැතිවරණය පිළිබඳ කෙටි ප්‍රකාශයක් කිරීම ඉතාමත්ම සුදුසුයි කියන එක.

     

    මා දන්නා පරිදි 1947 සිට මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමේ ඉතිහාසය ගත්විට අද පැවති මැතිවරණය තමයි ඉතිහාසයේ ඉතාමත්ම සාමකාමී මැතිවරණය. මම හිතන්නේ එය අවිවාදාත්මකයි. මම ජනාධිපතිවරයා වශයෙන් පත් වී ගෙවී ගිය මාස 6ක කාලය තුළ මේ රටේ කරන ලද වෙනස්කම් පරිවර්තනයන් තුළ ඇති වූ යහපාලනයේ පුළුල් ප්‍රතිඵලයක් ලෙස මේ මැතිවරණය මේ ආකාරයට සමකාමී තත්ත්වයක පැවතුණයි කියන එකයි මම විශ්වාස කරන්නේ.

     

    පසුගිය ජනාවාරී 8 වැනිදා මා ඉදිරිපත් වූ මැතිවරණයේදී මැතිවරණයට පෙර තත්ත්වයත් මැතිවරණය දිනයත් හා සංසන්දනය කළ විට බොහෝ වෙනස්කම් තිබෙන බව ඔබ දන්නවා. ජනවාරී 8 වැනිදා පැවති මැතිවරණයේනදී පැල්මඩුල්ල රැස්වීමේදී මට එල්ල වූ ප්‍රහාරය, ඒ වගේම බද්දේගම ප්‍රදේශයේ වේදිකා ගිනි තැබීම්, පොලොන්නරුව ප්‍රදේශයේ ඇති වූ වෙඩි තැබීම්, ඒ වගේම නිවිතිගල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරුම් සහ දිවයිනේ වෙනත් ප්‍රදේශවල ඉතා බරපතල සිද්ධීන් රාශියක් සිදු වුණා.

     

    ප්‍රධාන වශයෙන් ම රාජ්‍ය දේපල අයුතු ලෙස පාවිච්චි කිරී, රාජ්‍ය දේපල, රාජ්‍ය මාධ්‍ය දැඩි ලෙස පරිහරණය කරමින් ජනවාරී 8 පැවති මැතිවරණයේදී පැවති රජය ක්‍රියා කළ ආකාරය මේ රටේ ජනතාවගේ මතකයේ තිබෙනවා.

    නමුත් මේ මැතිවරණය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ මැතිවරණයක් කියන එක ඔබ දන්නවා. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා මෙවැනි සමාකාමී මැතිවරණයක් මම ජනාධිපතිවරයා වශයෙන් සිටින අවස්ථාවක ඉතිහාසයේ පළවැනි වතාවට පැවත්වීමට ලැබීම පිළිබඳ. මේ තුළ අප උගතයුතු ප්‍රධානම පාඩම විදියට මම දකින්නේ රාජ්‍ය නායකයා සිය මැතිවරණ ව්‍යාපාරකින් තොරව මධ්‍යස්ථාව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් තමයි මෙවැනි සාමකාමී මැතිවරණයට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තිබෙන්නේ.

     

    සිය දේශපාලන බලය දැඩි ලෙස පොලීසිය හරවා රාජ්‍ය නිලධාරීන් හරහා මැතිවරණයකදී පාවිච්චි කිරීම තුළ සාමකාමී, නිදහස් හා යුක්ති සහගත මැතිවරණයක් පැවැත්වෙන්නේ නෑ. ඒ නිසයි අපේ මැතිවරණ ඉතිහාසයේ බොහෝ කළු පැල්ලම් ඇති වූනේ. මෙවර මැතිවරණයේදී මම ජනාධිපති බලතල පාවිච්චි නොකර විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීමට විධායක බලතල පාවිච්චි නොකර ගෙන ගිය ප්‍රතිපත්තිය තුළ මැතිවරණ කොමසාරිස් තුමා ප්‍රමුඛ එතුමාගේ නිලධාරීන්ටත් හා ඒ වගේම පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ සියලු නිලධාරීන්ටත් නාමයෝජනා දුන් දවසේ සිට මේ දක්වා මැතිවරණ රාජකාරී කළ ඒ සෑම කෙනෙකුටම සිය රාජකාරීයේදී තමන්ට ඇති බලතලව අභිමතය පරිදි නිත්‍යානුකූලව නිදහසේ සිදු කිරීමට අවස්ථාව ලැබුණා.

     

    ඒ නිසා මේ ඓතිහාසික අවස්ථාව පිළිබඳ අපි කවුරුත් සතුටු වෙන්න ඕනි. මැතිවරණ කොමසාරිස් ඇතුළු එතුමාගේ සියලු නිලධාරීන් තේරීන් භාර නිලධාරීන්, ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරීන්, ගණන් කිරීමේ නිලධාරීන් මේ කටයුතුවලට සියලු ආකාරයෙන් අනුග්‍රහණය දැක්වූ සම්බන්ධ වූ සියලු රාජ්‍ය නිලධාරීන් මහත්ම මහත්මීන්ටත් ඒ වගේම පොලිස්පත්තුමා ඇතුළු එතුමාගේ කිර්යා මණ්ඩලවටත් යුද හමුදා ප්‍රධානී ඇතුළු ආකර්ෂක අංශවල ඒ සෑම කෙනෙකුටමත් මගේ සම්පූර්ණ ගෞරවය හා ස්තූතිය පිරිනමනවා. විශාල කැප කිරීමකින්, උන්න්දුවකින් සහ ඕනෑකමකින් මෙවැනි නිදහස් සහ සාධාරණ මැතිරණයක් පැවැත්වීමට ඒ සෑම කෙනෙක්ගේම තිබූ දැඩි කැපවීම පිළිබඳව. ඒ වගේම විදේශීය නිරීක්ෂකයින් රාශියක් පහුගිය දිනවල අපේ දිවයිනට පැමිණියා. ඒ විදේශීය නිරීක්ෂකයින්ට දැක ගන්නට ලැබුණා ලංකා ඉතිහාසයේ ගෙවී ගිය දශක කිහිපය තුළ පැවති සාමකාමීම මැතිවරණය මේ මැතිවරණය කියලා. ඒ නිසා විදේශික නිරීක්ෂකයින්ටත් මම ස්තූතිවන්ත වෙනවා. අපේ රටට පැමිණිලා දැක්වූ සහයෝගය සම්බන්ධයෙන්.

    අවසාන් වශයෙන් මේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව හෙට සහ අනිද්දා දිනවලදී පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව දේශාපන පක්ෂ භේදයකින් තොරව ඉතාමත්ම සාමකාමී ලෙස මැතිවරණ ප්‍රතිඵල භුක්ති විදින ලෙස මම මේ රටේ ආදරණීය ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිදු ආකාරයෙන් සිදු නොවන ලෙස හැසිරීම තමයි අපට ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් විශාල ගෞරවයක් ලැබෙන්නේ.

     

    ඒ නිසා ඡන්ද විමසීමේ සිට ගණන් කිරීමේ කටයුතු දක්වා මේ පැමිණි ගමන් මගේ ඒ ගෞරවණීය ස්වභාය විශේෂයෙන් ම යහපාලයක් තුළ මේ පෙන්නුම් කරන ලද ප්‍රතිඵලය මැතිවරණ ප්‍රතිඵලවලින් පසුවත් ඉතා සාමකාමීව භුක්ති විදින ලෙස ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

     

    ජයග්‍රහණය කරන කණ්ඩායම් පරාජයට පත් වූ පිරිසට කිසිම ආකාරයෙන් හිංසාවක් කරන්නේ නැතිව කායික හෝ මානසිකව පීඩාවක් ඇති කරන්නේ නැතිව ඉතාමත් සාමකාමී ලෙස සියලු දෙනාම මැතිවරණ ප්‍රතිඵලයේ ජයග්‍රහණය භුක්ති විදින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා
    ඔබ සියලු දෙනාට ම ස්තූතියි. "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya