ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පස්වරු 2.00 ට පමණ පොලොන්නරුව නව නගරයේ ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී 2015 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කළේය. ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු දූ දරුවන් සමග අද දහවල් සිය ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එහි පැමිණ සිටි ජනතාව සමග ද සුහද කථාබහක නිරත විය. ඡායාරූප - සුදත් සිල්වා DB