මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා කොම්පෝස්ට් අංගන ඉදිකිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

    අගෝස්තු 11, 2015

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කැළි කසළ ප්‍රශ්නයට විසදුමක් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් දිවයින පුරා කොම්පෝස්ට් අංගන ඉදිකිරීමට ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.

     

    පිළිසරු ව්‍යාපෘතියේ මූල්‍ය ආධාර මත, දීප ව්‍යාප්තව පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ පිහිටුවා ඇති මෙම කොම්පෝස්ට් අංගන ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම පිළිබද මෙහීදී සාකච්ඡාවට ලක් විය.
     
    මාතර, ලංකාපුර, මාවතගම, මහඔය, ඇල්පිටිය, හම්බන්තොට, ලුණුගම්වෙහෙර ප්‍රදේශවල දැනට ප්‍රධාන වශයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර ඒවායේ ක්‍රියාකාරිත්වය හා මතුව ඇති ගැටලු පිළිබදවද  දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.

     

    කාර්යක්ෂම සහ ඵලදායී ලෙස මෙම කොමිපෝස්ට් අංගන පවත්වාගන යාමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිමල් රූපසිංහ, මාධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි, අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩ ආරච්චි, පිළිසරු ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්. වල්පොල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya