මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ යෝජිත ඉංජිනේරු හා තාක්ෂණ පීඨ පිළිබඳ ජනපති දැණුවත් කෙරේ

    අගෝස්තු 11, 2015
    ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලුතින් ආරම්භ කිරීමට යෝජිත ඉංජිනේරු හා තාක්ෂණ පීඨ පිළිබඳ ජනාධිපතිතුමා දැණුවත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ (10) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 
    රටේ තරුණ තරුණියන්ට නව රැකියා වෙළෙඳපළ ඉලක්ක කරගත් වෘත්තීය අධ්‍යාපන පාඨමාලා හදුන්වාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පහසුකම් පුළුල් කරමින් මෙම තාක්ෂණ පීඨ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
    මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අනාගත ලෝකයේ රැකියා වෙළෙඳපළ හදුනා ගනිමින් සහ රටේ අවශ්‍යතාවය අනුව දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමේ රජයේ වගකීම ඉටු කරමින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ ඉතා අගය කරන බවයි. 
    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා, ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya