මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවිය යුතුයි - ජනපති

    අගෝස්තු 10, 2015
    ධර්මධර මෙන්ම විනයධර භික්ෂු පරපුරක් ගොඩනැගීම සඳහා මෙරට පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
    ඉදිරි මහ මැතිවරණයෙන් පසු පත්වන නව රජය සමඟ මෙරට ශාසනික කටයුතු ශක්තිමත් කිරීමට ගන්නා පියවරයන් හිදී පිරිවෙන් අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් ප‍්‍රමුඛත්වය ලබාදෙන බව ද ජනාධිපතිතුමා පැවසීය.
    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොලොන්නරුව, පුලස්තිගම ශී‍්‍ර පි‍්‍රයදර්ශනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ 18 රියන් බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ නේත‍්‍රා ප‍්‍රතිෂ්ඨාපනය පුණ්‍යොත්සවයට ඊයේ (09) පෙරවරුවේ එක්වෙමිනි.
    මෙරට පිරිවෙන් අධ්‍යාපනය තුළ සුපේෂල ශික්ෂාකාමී, විනයගරුක භික්ෂු පරපුරක් බිහිවිය. පිරිවෙන් අධ්‍යාපනයෙන් එහා ගිය විශ්වවිද්‍යාල අධ්‍යාපන ක‍්‍රමය තුළ විවිධ ක්ෂේත‍්‍ර තුළ වර්ධනයක් සිදු වුවද භික්ෂු අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයක් සිදු වී ඇත්ද යන්න පිළිබඳ විද්වතුන්ගේ අවධානය යොමුවිය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
    එබැවින් බෞද්ධ ආගමික පරිසරයක් තුළ බෞද්ධ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya