මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාපුර තඹාල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ජනපතිට විශේෂ ආශිර්වාද පූජාවක්

    අගෝස්තු 10, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ආශිර්වාද පළ කරමින් පොලොන්නරුව, ලංකාපුර තඹාල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ විශේෂ ආශිර්වාද පූජාවක් ඊයේ (09) දහවල් පැවැත්වුණු අතර ඊට සහභාගී වූ ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තේය.
    මුස්ලිම් දේවස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ඉස්ලාමිය බැතුමන් විසින් මහත් හරසරින් යුතුව පිළිගත් අතර නයිනා මරික්කාර් පූජකතුමා ඇතුළු පූජකවරුන් විශේෂ පූජාවක් පවත්වා ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
    ඉස්ලාමීය බැතිමතුන් විශාල පිරිසක් ද දේවස්ථානය වෙත පැමිණ සිටි අතර ඔවුන් අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක ද නිරත විය. 
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya