මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරේ

    අගෝස්තු 10, 2015
    පොලොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ පැවැත්විණි. 
    සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිලි සංකිර්ණය විවෘත කළ ජනාධිපතිතුමා කාර්ය මණ්ඩල සමග ද සුහද කථා බහක නිරත විය. 
    ලක්දරු දිරිය ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන ද මේ හා සමගාමීව පැවැත්වුණු අතර ඒ සඳහා එක් වූ ජනාධිපතිතුමා සංකේතාත්මකව සිසු දරුවන් දස දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය. 
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් දරුවන්ට හා විශ්වවිද්‍යාල දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2000 වසරේ දී සිය පළමු අමාත්‍ය වැටුප පරිත්‍යාග කරමින් ලක්දරු දිරිය ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කළේය. 
    උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද, උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් ද උත්සවයට එක්ව සිටියහ. 
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya