මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්ලූ මව්න්ටන් සමාගම දිනු ජාත්‍යන්තර සම්මානය ජනපතිට

    අගෝස්තු 13, 2015
    පසුගියදා මැලේසියාවේ පැවති ආසියා හා ශාන්තිකර කලාපීය දේපල සම්මාන සමුළුවේදී බ්ලූ මව්න්ටන් සමාගම ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමට සමත් වූ අතර එම සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කිරීම ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 
    ලෝක සම්භාවනාවට පාත්‍ර වෙමින් ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත්කරදීම පිළිබඳ සමාගම වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා ඉදිරි කටයුතු වෙනුවෙන් ද සුභාශිංසන පිළිගැන්වීය. 
    බ්ලූ මව්න්ටන් සමාගමේ සභාපති ආචාර්ය හිරාන් හෙට්ටිආරච්චි මහතා විසින් සම්මානය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර සමාගමේ අධ්‍යක්ෂ තිලාන් අනුරාධ මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. 
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya