මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකේය ලකුණ" ග්‍රන්ථය සහ එහි ඉංග්‍රීසි පිටපත ජනපතිට පිළිගන්වයි

    අගෝස්තු 07, 2015

    අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ හා එක්සත් ජාතින්ගේ සැසිවාරවලදි මෙන්ම විශේෂිත අවස්ථාවලදි කරන ලද කථා ඇතුළත් කරමින් සම්පාදනය කරන ලද ,ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකේය ලකුණ, ග්‍රන්ථය සහ එහි ඉංග්‍රීසි පිටපත වන "A Sri Lankan Voice in the Global Arena" ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (07) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු විය.

     

    පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍යවරුන් පිරිසක් හා ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක යන මහත්වරුන්ද, තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya