මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු ම ව්‍යාපාරිකයන්ට දේශපාලන බලපෑම්වලට යටත්වීමට සිදු වූ යුගය වත්මන් රජය නිමා කළා

    අගෝස්තු 07, 2015
    රටේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයාගේ සිට මහපාරේ රඹුටන් විකුණන වෙළෙන්දා දක්වා සියලු ම ව්‍යාපාරිකයන්ට දේශපාලන බලපෑම්වලට යටත්වීමට සිදු වූ යුගය වත්මන් රජය නිමා කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගියදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේ පැවති 2015 ආර්ථික සමුළුවේ සමාප්ති උත්සවයට එක්වෙමින් පැවසීය.
    ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සමුළුව මෙරට ප‍්‍රධාන පෙළේ ආර්ථික හමුවකි. දින දෙකක් පුරා පැවති සමුළුව සැසි අටකින් සමන්විත වූ අතර අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 50ක් කරා, යන්න මෙවර එහි තේමාව විය.
    දේශපාලඥයන් විසින් ව්‍යාපාරිකයන් පාලනය කිරීම හෝ ව්‍යාපාරවලට බලපෑම් කිරීම කිසිසේත් ම සුදුසු නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ රටේ ජනතාව පසුගිය ජනවාරි 08දා රටට නව වෙනසක් ලබා දුන්නේ එම සියලු ම ක්ෂේත‍්‍රවලට අවශ්‍ය පරිවර්තනයන් ලබාදීමට බව ද ප‍්‍රකාශ කළේය.
    ව්‍යාපාරිකයාට පමණක් නොව විනිශ්චයකරුවාට නිදහසේ නඩු ඇසීමට ඇති අයිතියත් රාජ්‍ය නිලධාරියාට, පොලිසියට නිදහසේ තම රාජකාරී ඉටුකිරීමට ඇති අයිතියත් රටේ සමස්ත පොදු මහ ජනතාවට සතුටින් තම කටයුතු කරගෙන යාමේ නිදහසත් වත්මන් රජය තහවුරු කළ බව ද ජනාධිපතිතුමා පැවසීය.
    ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව ඉතිහාසයේ වැඩි ම ඡන්ද ප‍්‍රතිශතයක් භාවිත කරමින් තමා රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගනිමින් තැබූ බලාපොරොත්තු කිසිදු අයුරකින් කඩනොකර ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව ද පැවසූ ජනාධිපතිතුමා එම ගමන ශක්තිමත් කළ හැකි සුදුසු ආණ්ඩුවක් තව සති දෙකකින් එළැඹෙන මහ මැතිවරණයෙන් තේරී පත්වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.
    තමන් කරන කටයුතු විනිවිදභාවයකින් සහ පාරිශුද්ධෙභාවයකින් යුතුව සිදු කිරීම දේශපාලනඥයන්ගේ වගකීම බව ද මෙහිදි පැවසූ ජනාධිපතිතුමා දේශපාලන බලය තිබෙන අය තම බලය කළමනාකරණය කළ යුත්තේ රටේ සංවර්ධනයට සහ පොදු ජන යහපතට මිස රට විනාශ කිරීමට නොවන බවද සඳහන් කළේය.
    වත්මන් රජය අනුගමනය කරන මධ්‍යස්ථ විදේශ පිළිවෙත තුළ අද ජාත්‍යන්තරයේ බොහෝ රටවල සහය ශී‍්‍ර ලංකාවට හිමිව ඇති බවත් එම රටවල් සමඟ එළැඹ ඇති ගිවිසුම් තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පුළුල් ඉඩ ප‍්‍රස්ථා රැසක් ශී‍්‍ර ලංකාවට හිමිව ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා එහි උපරිම ඵල නෙළා ගන්නැයි ද මෙහිදී ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya