මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනන්ද විතාන මහතාගේ සුව දුක් විමසීමට ජනපති යයි

    අගෝස්තු 06, 2015

    2008 වසරේ එවකට කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝගාතුර වූ ආනන්ද විතාන මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (05) පස්වරුවේ පිළියන්දල ඒ මහතාගේ නිවසට ගියේය.

    තම දීර්ඝකාලීන මිත්‍රයෙකුද වූ එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ආනන්ද විතාන මහතාගේ සුව දුක් විමසමින් ඔහුගේ ප්‍රතිකාර කටයුතු පිළිබඳ සොයා බැලු ජනාධිපතිතුමා පවුලේ ඥාතින් සමඟද සුහද පිළිසදරක නිරත විය.

     

    2008 වසරේ ඔක්තෝම්බර් 09 වැනිදා බණ්ඩාරගම බොලබොටුව වෙල්යායේ පැවති පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික උත්සවයට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී බොරලැස්ගමුව පිරිවෙන් හන්දියේදි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු පිරිස ගමන් කරමින් සිටි රථ පෙළට මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල විය.

     

    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගමන් කළ රථයට පසු පසින් පැමිණි රථයේ ගමන් කළ පිරිස බෝම්බ ප්‍රහාරයට ලක් වූ අතර එහි සිටි ආනන්ද විතාන මහතා ද ඉන් බරපතල තුවාල ලැබීය.

     

    එදා පටන් දැඩි රෝගාතුර තත්ත්වයේ පසු වූ ඒ මහතාගේ සුව දුක් සොයා බැලීමටත්, අවශ්‍ය පහසුකම් සපයාදීමටත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිරන්තරයෙන් කටයුතු කළ අතර ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව අවිවේකි දෛනික කාලසටහන හමුවේ වුවද තම යුතුකම් අතපසු නොකරමින් ඊයේ පස්වරුවේ ලද මද අස්වැසිල්ලේ ආනන්ද විතාන මහතාගේ නිවස වෙත ගිය ජනාධිපතිතුමා මෙලෙස ඔහුගේ සුව දුක් විමසා බැලීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya