ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේගේ එම ධූර කාලය තවත් වසර පහකින් දීර්ඝ කිරිමේ පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ (04) පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වීය.
ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ සඳහා එක් විය.
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.