නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුර්කිය සමඟ ඇති සහයෝගීතාව පිළිබඳ ජනපති සතුට පළ කරයි

    අගෝස්තු 05, 2015
    ද්විපාර්ශවික සබඳතා හා සහයෝගීතා ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තුර්කියට සිය ස්තූතිය පළ කළේය. තුර්කිය ඉදිකිරීම් සංස්ථා නිවාස 100ක් ඉදිකෙරෙන මන්නාරමේ නිවාස ව්‍යාපෘතිය ඇතුළුව ලංකාවේ ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයකටම කොටස්කරුවන් වී සිටින බව ද ජනාධිපතිතුමා පැවසී ය.
    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, ශී‍්‍ර ලංකාවේ සේවා කාලය නිමා කොට පෙරලා සිය රටට යන තුර්කි තානාපති ඉස්කෙන්ඩර් කෙමල් ඔක්යායි මහතා (Iskender Kemal Okyay) ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී මුණගැසුණු අවස්ථාවේදීය.
    යුරෝපා සංගමය, ශී‍්‍ර ලංකාවේ ආරම්භ කරන ලද ව්‍යාපෘති කිහිපයක ද තුර්කි ඉදිකිරීම් සමාගම් සම්බන්ධ වී කටයුතු කරන බව තානාපති ඔක්යායි මෙහිදී සිහිපත් කළේය. කොළඹ නව එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලය ඉදිකිරීම් වෙනුවෙන් තුර්කි සංස්ථාවක් ටෙන්ඩර් දිනා ඇත.
    මෙරට සිටි කාලය තුළ ශී‍්‍ර ලංකාව හා තුර්කිය අතර ද්විපාර්ශවික සබඳතා වෙනුවෙන් කළ සේවය පිළිබඳ ජනාධිපතිතුමා තානාපතිවරයාට සිය ස්තූතිය පිළිගැන්වීය. විවිධ ජාත්‍යන්තර සමුළුවලදී තුර්කිය විසින් ශී‍්‍ර ලංකාවට පිරිනමන ලද සහයෝගය පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළේ ය.
    හැකි ඉක්මනින් තුර්කියේ නිල සංචාරයකට පැමිණෙන ලෙසට තුර්කි තානාපතිවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට ආරාධනා කළේය. ආරාධනය පිළිගත් ජනාපධිතිතුමා අන්තර් පාර්ලිමේන්තු සංගමය සඳහා ශී‍්‍ර ලංකා නියෝජිත පිරිසේ සාමාජිකයෙකු ලෙස 1996දී තුර්කි සංචාරය කළ අවස්ථාවේ ලත් පී‍්‍රතිසහගත අත්දැකීම් ද මෙහිදී සිහිපත් කළේ ය.
     NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya