මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය ජනපති අතින් විවෘත කෙරේ

    අගෝස්තු 04, 2015

    රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ගොඩනැගිලි සංකීර්ණය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ විවෘත කෙරිණි.

     

    නව ගොඩනැගිලි සංකීර්ණයේ සමරු ඵලකය විවෘත කළ ජනාධිපතිතුමා මෙම අවස්ථාව සිහිපත් කරමින් විශේෂ සමරු සටහනක් ද තැබීය.

     

    රුපියල් මිලියන 750 ක වියදමින් අභිනවයෙන් ඉදිකළ මෙම නව ගොඩනැගිලි සංකීර්ණය, දේශණ ශාලා 16 ක් පරිගණකාගාර, ශ්‍රවණාගාර, ආපනශාලා ඇතුළු සියලුම පහසුකම් වලින් යුක්තවේ.

     

    ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණයක් එහි උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක ප්‍රධානීන්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති රොහාන් ද එවත්ත,  උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, විද්‍යාලයේ පීඨාධිපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සහ විශ්ව විද්‍යාල සිසුන් රැසක්  ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya