මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ අසෝක විද්‍යාලයේ 2014 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 04, 2015

    කොළඹ අසෝක විද්‍යාලයේ 2014 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

     

    බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි ජනාධිපතිතුමා විදුහල්පති වයි. යසරත්න මහතා ඇතුළු 2014 වසරේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත්වූවන්ට, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්වූවන්ට සහ අ.පො.ස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්ව විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූවන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    එමෙන්ම 2014 වසරේ නිවාඩු ලබා ගැනීමකින් තොරව කැපවීමෙන් සේවය කළ තමරා නයෝමි ගුරු මහත්මියට සහ සහකාර විදුහල්පති ඒ.ඒ.එස්.පී. අමරතුංග මහතා වෙත රන් සම්මාන ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    ඡායාරූප  - සුදත් සිල්වා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya