මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතාගේ 18වන ගුණ සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 04, 2015

    මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතාගේ 18වන ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

     

    මහාචාර්ය නන්දදාස කෝදාගොඩ පදනම මඟින් සංවිධානය කර තිබූ මෙම ගුණ සමරු උත්සවයේ ප්‍රධාන දේශනය ජනාධිපතිතුමා විසින් සිදු කළ අතර මහාචාර්ය කොල්වින් කරුණාරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වීය.

     

    විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා විසින් රචිත ‘දියවැඩියාව‘ ග්‍රන්ථයේ මුල් පිටපතද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    රත්නා කෝදාගොඩ මැතිණිය, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු පවුලේ ඥාතින් ද විද්වතුන්, වෛද්‍යවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ගුණ සමරු උත්සවයට  එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya