මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ඉන්දීය ජනපතිගේ අභාවයට ජනපති මෛත්‍රීපාල සොව පළ කරයි

    ජූලි 28, 2015

    හිටපු ඉන්දීය ජනපති ආචාර්ය ඒ.පී.පේ. අබ්දුල් කලාම් මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ජනාපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පණිවිඩයක් නිකුත් කරමින් සිය ශෝකය පළ කරයි.

     

    ජනපතිගේ ශෝක පණිවිඩය:


    "ප්‍රකට චින්තකයෙකු, විශිෂ්ඨ ගුරුවරයෙකු හා අද්විතීය මිනිසෙකු වූ හිටපු ඉන්දීය ජනපති ආචාර්ය ඒ.පී.පේ. අබ්දුල් කලාම් මහතාගේ අභාවය පිළිබඳව මම අතීශයින් ශෝකයට පත් වෙමි.

     

    පසුගිය මස ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මෙම විශිෂ්ඨ පුද්ගලයා සමඟ බොහෝ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට මා හට ලැබුණු මහඟු අවස්ථාවේ දී ඔහුගේ විශිෂ්ඨ චරිතය මා සිත තුළට කෙතරම් කාවැදුණක් ද යන්න පැවසීමට මා හට භාග්‍ය ලැබුණි.

     

    ශ්‍රී ලංකාවේ ජනතාවට ආචාර්ය කලාම් කිසිදා අමතක නොවනවාක් මෙන්ම ඔහු කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අපේ යොවුන් ප්‍රේක්ෂකයා වසඟ කරගන්නා තරමට විස්තර කළ 2020 දකුණු ආසියාව සඳහා වූ ඔහුගේ සංකල්පය ද කිසිදා අමතක නොකරනු ඇත. අපේ හදවත් තුළත් අපේ ඉදිරි පරම්පරාවල මතකය තුළත් ආචාර්ය කලාම් අමරණීය වනු ඇත.

     

    ආචාර්ය කලාම් සිහිපත් කෙරෙන්නේ ඔහු අපට ඉතිරි කොට ගිය අති විශාල අපූර්ව ජයග්‍රහණයන් වෙනුවෙන් පමණක් නොවේ. විශිෂ්ඨ මනුෂ්‍යයෙකු ලෙස ඔහු තුළ වූ අධිෂ්ඨනෙපූර්වක චරිතයත්, සරල බවත් දයාව හා අපේ හදවත් දැල්වීමට ඔහු තුළ තිබූ හැකියාවත් වෙනුවෙනි.

     

    තිර අවබෝධය හා යටපත් කළ නොහැකි උද්යෝගයක් සහිත වූ අචාර්ය කලාම් මම දුටුවේ ලෝකයේ කැපී පෙනෙන දේශපාලන විශාරදයෙකු ලෙසය. ඔහුගේ අභාවය ඉන්දියාවට පමණක් නොව සමස්ත ලෝකයටම දැරිය නොහැකි පාඩුවකි.

     

    ශ්‍රී ලංකා රජය හා සියලු ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් මෙන්ම පෞද්ගලිකව මම ද ඔහුගේ සොහොයුරා හා අනෙක් සමීප ඥාතීන්ටත්, ඉන්දීය රජයට හා ජනතාවටත් සාතිශය සංවේගය ප්‍රකාශ කරමි.

     

    ඔහුගේ ආත්මය සමාදානයේ සැතපේවා  ! "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya