මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වේයන්ගොඩ එළුවාපිටිය ශ්‍රී ඉසිපතනාරාමයේ අභිනව ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය විවෘත කිරීම ජනපති අතින්

    ජූලි 28, 2015
    වේයන්ගොඩ, එළුවාපිටිය ශ්‍රී ඉසිපතනාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය, රන්වැට, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද පෙරවරුවේ (28) විවෘත කෙරිණි.
     
    මෙම විවෘත කිරීමට සහභාගී වූ  ජනාධිපතිතුමා, එහි වැඩම කර සිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි  හිමිපාණන් වහන්සේ හා විහාරාධිපති පූජ්‍යපාද හේනේපොළ ධම්මවංශ ස්වාමීන් වහන්සේ බැහැ දැක සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත්තේය.
     
    විහාරාධිපති පූජ්‍යපාද හේනේපොළ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මත මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර මේ සඳහා දරන ලද වියදම රුපියල් ලක්ෂ 60කි. 
     
    මෙම අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය ද හිටපු මැති ඇමතිවරු හා ගම්වාසී බැතිමත්හු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    (ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya