මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණය සහ අක්‍රමිකතා තුරන් කිරීමට ගණකාධිකරණ වෘත්තියට වැදගත් මෙහෙයක් ඉටුකළ හැකියි - ජනපති

    ජූලි 28, 2015
    දූෂණය සහ අක්‍රමිකතා තුරන් කිරීමට ගණකාධිකරණ වෘත්තියට වැදගත් මෙහෙයක් ඉටුකළ හැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
     
    රටේ හොඳ මූල්‍ය විනයක් සහ මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යාමට නම් ගණකාධිකාරීවරුන් සිය වගකීම් නිසි ලෙස ඉටුකළ යුතු බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට ඊයේ (27) පස්වරුවේ කොළඹදී එක්වෙමිනි.
     
    පසුගිය රජය යටතේ අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස සුදුසුකම් ඇති අය සේම ව්‍යාපාරිකයන්ද පත්කිරීම තුළ ටෙන්ඩර් පටිපාටිය වැනි ක්‍රියාදාමයන් තුළ රාජ්‍ය අංශයේ මූල්‍ය විනය පිරිහී ගිය බව ද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.
     
    කෙසේ වෙතත් රාජ්‍ය අංශය තුළ හොඳ මූල්‍ය විනයක් සහ මූල්‍ය කළමනාකරණයක් ඇති කරමින් රටේ සංවර්ධනය සඳහා ලැඛෙන මුදල් ප්‍රතිපාදන, ආධාර සහ ප්‍රදානයන් ඉතා ඉහළ ගුණාත්මක භාවයෙන් යෙදා ගැනීම වත්මන් රජයේ අරමුණ බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    ඒ සඳහා නව විගණන පනත පිළිබඳ නව පාර්ලිමේන්තුවේදී ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
     
    ඒකාබද්ධ වාර්තාකරණය තුළින් ව්‍යාපාරික සඵලතාව මැයෙන් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරවරුන්ගේ සමුළුව අද පස්වරුවේ කොළඹදී ආරම්භ කෙරිනි. 
     
    එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 12ක නියෝජිතයන් ඊට එක්ව සිටින අතර සමුළුව අද (28) සහ හෙටත් (29) පැවැත්වෙයි. 
     
    ජාත්‍යන්තර ගිණුම්කරණ සංගමයේ සභාපතිනී ඔලිවියා කර්ට්ලි මහත්මිය සහ දකුණු ආසියානු ගිණුම්කරණ සංගම්වල සභාපතිවරු, නියෝජිතයෝ ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
     
    ශ්‍රී ලංකාවේ ගණකාධිකරණය පිළිබඳ හොඳ ම ආයතන 25කට සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. 
     
    (ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya