මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කලාපයේ සියලු රාජ්‍ය නායකයින් එක් විය යුතුයි

    ජූලි 27, 2015

    දකුණු ආසියානු කලාපයටම අභියෝගයක් වූ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා කලාපයේ සියලු රාජ්‍ය නායකයින් පොදු එකඟතාවයකින් යුතුව කටයුතු කළයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

    මාලදිවයිනේ 50 වන ජාතික නිදහස් උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීම සඳහා මාලදිවයිනට ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමින් අබ්දුල්ලා ගයුම් මහතා අතර නිල හමුව ඊයේ (26) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

     

    තම පාලන කාලය තුළ ශී‍්‍ර ලංකාවේ මත් ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම, විධිමත් දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සේම පරිසර සංරක්ෂණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම අරමුණ බව ප්‍රකාශ කළ ජනාධීපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එම ඉලක්කයන් ජය ගැනීම සඳහා වූ මූලික වැඩපිළිවෙළ මේ විටත් ආරම්භ කර ඇති බවද කියා සිටියේය.

     

    අද පස්වරුවේ මාලදිවයින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශී‍්‍ර ලංකා දූත පිරිස මාලදිවයින් ජනාධිපතිතුමා විසින් ඉතා සුහදශිලිව පිළිගත්තේය.

    විශේෂ හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදුවිය.

    අනතුරුව රාජ්‍ය නායකයින් දෙපළ අතර ද්වි පාර්ශවික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර 1965 වසරේ ඇරඹි මාලදිවයින් - ශ‍්‍රී ලංකා රාජ්‍යතාන්ති‍්‍රක සබඳතාවලට 50 වසරක් සපිරෙන අද දවසේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ සපථ වූහ.

     

    එමෙන්ම දෙරටටම වැදගත් කරුණ රැසක්ද මෙහිදි සාකච්ඡාවට ලක්වූ අතර දෙරටේ ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙන්ම දෙරටේ මානව සම්පත් සංවර්ධනය සඳහා හුවමාරු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමටද අවධානය යොමු විය.

     

    දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් විශේෂ සාකච්ඡා වටයක් මීට පෙර පැවැත්වුණු අතර එහිදී එකඟ වූ කරුණු ඒ ආකාරයෙන්ම ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමටද තීරණය කෙරිණි.

     

    දෙරට අතර සංචාරක කටයුතු ප‍්‍රවර්ධනය කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.

     

    පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිය වගකීම් ඉටු කිරීම පිළිබඳවද මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මාලදිවයින් ජනාධිපතිතුමා සමඟ කරුණු සාකච්ඡා කළ අතර එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ ඇති සබඳතා වැඩිදියුණු කර ගනිමින් එම කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක කරන බවද පැවසීය.

     

    ජාත්‍යන්තර කටයුතුවලදී මාලදිවයින අඛණ්ඩව ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහයෝගයද මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඇගයීමට ලක්වූ අතර ඉදිරියේදීද ජාත්‍යන්තර වේදිකාවේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඕනෑම සහයක් ලබාදෙන බව මාලදිවයින් ජනාධිපතිතුමා පැවසීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya