මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මාලදිවයින් ගුවන් තොටුපොළට ළඟා වෙයි

    ජූලි 26, 2015

    මාලදිවයිනේ 50 වන ජාතික නිදහස් උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීම සඳහා අද (26) දහවල් මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පස්වරුවේ මාලදිවයිනේ ඉබ්‍රාම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

    එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිසව එහිදි පිළිගනු ලැබුවේ මාලදිවයින් උප ජනාධිපති අහමඩ් ආඩීප් අබ්දුල් ගෆුපූර් මහතා විසිනි.

     

    එසේම කුඩා දැරියක් විසින් මල් කළඹක් පිළිගැන්වීය.

     

    ගුවන් තොටුපලේදි ජනාධිපතිතුමාව පිළිගැනිමෙන් අනතුරුව කුඩා දරුවන් පිරිසක් සංස්කෘතික අංගයක් ඉදිරිපත් කළේය.

     

    අනතුරුව මාලදියින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් අබ්දුල්ලා ගයුම් මහතා විසින් ඉතා සුහදශිලිව පිළිගත්තේය.

     

    එහිදීද ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාර පිළිගැන්විනි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya