මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරලගංවිල, කන්දේගම රජ මහා විහාරයේ චෛත්‍ය වහන්සේගේ කොත නිරාවරණය කෙරේ

    ජූලි 26, 2015

    අරලගංවිල, කන්දේගම රජ මහා විහාරයේ ඉදිකළ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පැවැත්විණි.

    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව විහාරාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය කන්දේගම දීපාවංශාලංකාර නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසීය.

    අනතුරුව විහාරස්ථානයේ ධාතු මන්දිරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත් ජනාධිපතිතුමා අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට එක් විය.

    විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතිනි.

    උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලද පූජ්‍ය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කෘත්‍යාධිකාරී පූජ්‍ය සිංහපුර චේතියාලංකාර නායක ස්වාමින් වහන්සේට, උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලද දිඹුලාගල ශ්‍රී මහාක්‍යශප මහා පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මාදුරුඔය විජිතාලංකාර නායක හිමිපාණන් වහන්සේට මෙන්ම උතුරු මැද පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලද කන්දේගම ධනංජය රජමහා විහාරාධිපති පූජ්‍ය මාවනැල්ලේ සිරසාලංකාර නායක හිමිපාණන් වහන්සේට එම නායක පදවි හිමි වීම නිමිත්තෙන් ජනාධිපති උපහාර පිරිනැමීමද මෙහිදී සිදු විය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya