මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී උපාධිධාරීන්ට රැකියා ඉල්ලා උද්ඝෝෂණ කිරීමට සිදු නොවේ- ජනපති

    ජූලි 26, 2015

    රජයේ ඉදිරි අධ්‍යාපන සැළසුම් තුළ විශ්වවිද්‍යාලයෙන් පිටවන කිසිදු උපාධිධාරියෙකුට රැකියා ඉල්ලා උද්ඝෝෂණ කිරිමට සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    විශ්වවිද්‍යාලයෙන් පිටවන තරුණයා වටිනාකමකින් යුත් පුරවැසියෙක් ලෙස සමාජයට දායාද කෙරෙන වැඩපිළිවෙළ නව අධ්‍යාපන සැලසුම් තුළ අන්තර්ගත බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට පසුගියදා (24) පෙරවරුවේ එක් වෙමිනි.

     

    රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් ඉදිරියට යන ලෝකය සමඟ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදු කළ යුතු සියලු සංශෝධන සිදු කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප‍්‍රධාන ඉලක්කය බවට අද පාසල් දරුවන් පත්ව ඇති අතර රටේත්, ජාතියේත් අනාගතය විනාශ කරන ඔවුන්ගේ එම අශිලාචාර උත්සාහය පරාජය කිරිමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

     

    රටේ සියලූ ජාතින් අතර සාමය සහ සංහි`දියාව ගොඩනංවා යහපාලනයකින් යුත් රාජ්‍ය පාලනයක් රට තුළ ඇති කරන අතරම රටේ ජනතාව මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීමටද රජය ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා විධිමත් පරිසර සංරක්ෂණ වැඩපිළිවෙලක් සේම අපේ කමට වැඩි වටිනාකමක් ලබා දෙන ආර්ථික වැඩපිළිවෙළක් රට තුළ කි‍්‍රයාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.

     

    විදුහල්පති බී.එන්.එල්.පී. දිසානායක මහතා ඇතුලූ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් , ආදි සිසුන් ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya