මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 24, 2015

    ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ පැවැත්විණි.

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන කැඳවාගෙන යනු ලැබු අතර ශිෂ්‍ය භට බලකායේ විශේෂ උත්තමාචාරයක්ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිළිගැන්විනි.

     

    විද්‍යාලයේ අභිනව බුද්ධ මන්දිරය වෙත මල් පහන් පූජා කළ ජනාධිපතිතුමා විද්‍යාලයේ ආදි සිසු රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් ඉදිකර ඇති රණවිරු ස්මාරකයටද පුෂ්පෝපහාර දැක්වීය.

     

    අනතුරුව ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වූ අතර එහිදි වාණිජ, ගණිතය සහ විද්‍යා අංශවලින් 2014 වසරේ විශිෂ්ටතා දැක්වූ දරුවන් 25 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් තිළිණ ප්‍රදානය කෙරිනි.

     

    එමෙන්ම විශිෂ්ට සේවාවක් ඉටු කරන ගුරු භවතුන්ද ඇගයීමට ලක් විය. 2014 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන්ද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

     

    ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ද මෙම අවස්ථාව එක්ව සිටී අතර විදුහල්පති බී.එන්.එල්.පී. දිසානායක මහතා, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් , ආදි සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya