මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරිහී යන සමාජය සුවපත් කරන්නට ආගමික ස්ථාන වැඩි වැඩියෙන් නගාසිටුවනවා - ජනපති

    ජූලි 24, 2015
    පිරිහී යන සමාජය සුවපත් කරන්නට ආගමික ස්ථාන වැඩි වැඩියෙන් නගාසිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මාවනැල්ල, උඩුමුල්ල රුවන්පුර ශී‍්‍ර නිග්‍රෝධාරාම විහාරස්ථානයේ අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීමේ සහ සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ නේත‍්‍රා ප‍්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවයට ඊයේ (23) පස්වරුවේ එක්වෙමිනි.
     
    ගමක ආගමික සහ සංස්කෘතික ජීවිතයෙ හි කැඩපත පන්සලයි. පන්සල සමඟ අවදිවන ගම යහපත්, ගුණගරුක, ශ‍්‍රද්ධාශීලී පිළිවෙතකට අනුගතවන බව මෙහිදී පෙනවා දුන් ජනාධිපතිතුමා ගමේ පන්සලේ හාමුදුරුවන්ටත්, පල්ලියේ පියතුමන්ටත්, දේවස්ථානයේ පූජකතුමාටත් යහපත් සමාජයක් ගොඩනැගීමට විශාල වැඩ කොටසක් ඉටුකළ හැකි බවද කියා සිටියේය.
     
    ආගමික ස්ථානත් සමඟ ඇති වන එකමුතුකම, හැදියාව සහ සහෝදරත්වය රටත් සමාජයත් විශාල ආගමික සහ සමාජයීය පුනර්ජීවයක් කරා ගෙන යන බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    NDH/priu

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya