මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී නිග්‍රෝධාරාමයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 24, 2015
    මාවනැල්ල, උඩුමුල්ල රුවන්පුර ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේ අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීමේ සහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ පැවැත්විණි. 
     
    ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ප්‍රථමයෙන් විහාරාධිපති පූජ්‍ය එළදැත්තේ සද්ධාසීල හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විමසා පිරිකර පූජා කළේය.
     
    ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අභිනව බුද්ධ මන්දිරය විවෘත කරමින් එහි ප්‍රථම මල් පූජාව ද සිදු කළේය. 
     
    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විහාර පරිශ්‍රයේ නා පැලයක් රෝපණය කිරීම ද සිදු විය. 
     
    ශ්‍රී ලංකා රාමඤ්ඥ මහා නිකායේ මහානායක පූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනු නායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනු නායක ස්වාමින් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය වරාගොඩ ප්‍රේමරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද පුණ්‍ය උත්සවයට වැඩම කර සිටියහ. 
     
    ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya