මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු පාසල් චෙස් තරගාවලියේදී දක්ෂතා පෙන්වූ සිසුන් ජනපතිගේ ඇගයීමට

    ජූලි 23, 2015

    ආසියාවේ රටවල් 19 ක සහභාගිත්වයෙන් සිංගප්පූරුවේ පැවති 11 වන ආසියානු පාසල් චෙස් තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා දෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් සිසුන් ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

     

    මෙම තරගාවලියේදී කුරණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න සිසුවා රිදී පදක්කමක් නාවල ජනාධිපති විද්‍යාලයේ දෙව්නි ප්‍රනාන්දු සිසුවිය රිදී පදක්කමක් සහ මිලාගිරිය ශාන්ත පාවුථ බාලිකා විද්‍යාලයේ ඒෂා ජලීල් සිසුවිය ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

     

    ඔවුන් අද (23) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අතර සිසුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභාශිංසන පළ කළේය.

     

    එමෙන්ම සිසුන් වෙත තිළිණ ප්‍රදානයක්ද සිදු කෙරිණි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya