මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන බාලදක්ෂ කණ්ඩායම ජනපති හමු වෙයි

    ජූලි 23, 2015

    ජපානයේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (23) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.

     

    ලෝක බාලදක්ෂ ජම්බෝරිය ජූලි මස 29 ව දින සිට අගෝස්තු 08 වනදා දක්වා ජපානයේ යමගුචි ප්‍රදේශයේදී පැවැත්වෙන අතර  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂයින් 120 දෙනෙකු පමණ ඊට සහභාගී වීමට නියමිතය.

     

    ලෝකයේ බාලදක්ෂ ව්‍යාපාරය ක්‍රියාත්මක වන රටවල් 162 නියෝජනය කරමින් බාලදක්ෂ, බාලදක්ෂිකාවන් 30,000 ක් පමණ ඊට එක්වනු ඇත.

     

    මෙහිදී බාලදක්ෂයින් ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලෝකයට ගෙන යාමට මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවයි.

     

    අනතුරුව බාලදක්ෂයින් සමග සුහද කථා බහකටද එක්වූ ජනාධිපතිතුමා තමා පාසල් වියේදී බාලදක්ෂයෙක් ලෙස කටයුතු කිරීමේදී ලද අත්දැකීම් සිහිපත් කළ අතර එහිදි ලද හික්මීම ජනාධිපති ධුරය වන් භාරදූර වගකීමක් දැරීමට තමාට මහගු පිටුවහලක් වූ බවද කියා සිටියේය.

     

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, ජාත්‍යන්තර කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

     

    ba2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya