මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ ජනපතිට පිළිගන්වයි

    ජූලි 23, 2015
    ධර්මය ඉතා සරලව මහජනතාවට අවබෝධ කරදීමේ අරමුණ ඇතිව සරල සිංහල භාෂාවට පරිවර්තනය කර සංක්ෂිප්ත කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ 03ක් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය. 
     
    ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලය විසින් මෙම ග්‍රන්ථ සම්පාදනය කර තිඛෙන අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
     
    ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලයේ සභාපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අති පූජ්‍ය දවුල්දෙන ඥානීස්සර නායක ස්වාමින් වහන්සේ විසින් ග්‍රන්ථ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත නායක හිමිපාණන් වහන්සේ, මහාචාර්ය වෑගම පියරතන ස්වාමින් වහන්සේ, පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඡායාරූප -   ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya