අද දහවල් රෝහල වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රථමයෙන්ම එහි ප්‍රතිකාර ලබන රෝගින්ගේ සුව දුක් විමසමින් ඔවුන් සමඟ සුහද කතා බහක නිරත විය.
එමෙන්ම රෝහලේ ප්‍රතිකාර ලබන තම ඥාතීන් බැලීමට බොහෝ දුර බැහැර සිට පැමිණ සිටි පිරිස් සමඟ ද සුහද කතා බහක නිරත වීමට අමතක නොකළේය.
රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩල ද හමුවූ ජනාධිපතිතුමා රෝහලේ ඉදිරි කටයුතු පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල, කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm