මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාමසාන් උළෙල පිවිතුරුභාවය, නිර්මලත්වය සහ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සිහිපත් කරන වැදගත් අවස්ථාවක් - ජනපති

    ජූලි 18, 2015
    රාමසාන් උළෙල පිවිතුරුභාවය, නිර්මලත්වය සහ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය වෙත නැවත පැමිණීම සනිටුහන් වෙද්දී මානුෂිකත්වය තුළ අප එක්සත් කරවන පොදු සාරධර්ම ද ඉෂ්ට සිද්ධ කරවන අවස්ථාවක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි.
     
    උදාවන රාමසාන් උළෙල නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කරයි.
     
    ඊදුල් ෆිතර් දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා නිකුත්කළ සම්පූර්ණ පණිවිඩය මෙසේය :
     
    අද දින ඊදුල් ෆිතර් උත්සවය සමරන ශ‍්‍රී ලංකාවාසී හා සමස්ත ලෝකවාසී මුස්ලිම් ජනතාවට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි.
     
    පසුගිය උපවාස මාසය අධ්‍යාත්මික පුනර්ජීවයේ හා උදව් අවශ්‍ය වූවන්ට උපකාර කිරීමේ කාලපරිච්ජේදයක් විය. ඊදුල් ෆිතර් උත්සවය මගින් පිවිතුරුභාවය, නිර්මලත්වය සහ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය වෙත නැවත පැමිණීම සනිටුහන් වෙද්දී මානුෂිකත්වය තුළ අප එක්සත් කරවන පොදු සාරධර්ම ද ඉෂ්ට සිද්ධ කරවයි.
     
    ලෝක ආගම්වල සාරවත් උරුමයක් ශ‍්‍රී ලංකාව සතු වන හෙයින් ස්ථාවර සංහිඳියාව හා එකමුතු බව වෙත ගමන් කරන අපේ ජාතියේ අනගි අත්වැලක් වීමට ඉස්ලාම් භක්තියේ දායකත්වය ඊදුල් ෆිතර් උත්සවය අපට සිහිගන්වයි.
     
    ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ජනතාවට පී‍්‍රතිමත් ඊදුල් ෆිතර් උත්සවයකටත්, සුරක්ෂිත හා සෞභාග්‍යසම්පන්න අනාගතයකටත් මම සුබ පතමි.
     
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya