මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විල්බට් ඇන්තනී සංගීතවේදියාගේ අභාවප්‍රාප්තවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවුඩය

    ජූලි 18, 2015

    නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ... රටේ දියුණ සැදුම නුඹට බාරයි මගෙ පුතේ...රටටත්, දරුවන්ටත් එක සේ ආදරය කරන ජනතාව මේ ගීතයටත් එලෙසින්ම ආදරය කරන බව මම දනිමි. පරපුරෙන් පරපුරට නව අරුත් මවමින් මේ ගීතය ලක්වැසි ජනතාව අතර ජීවමානව පවතිනු ඇත.

     

    නමුත් ඒ ගීතයට පණ දුන් ගැඹුරු හඬ අද නිහඬ ය. ඒ විල්බට් ඇන්තනී නම් වන අපූර්ව ගායකයා ය. සංගීතවේදියා ය.  දිගුකලක් අසනීප තත්වයෙන් පසු වූ ඔහු අප අතරින් සමුගත් බව දැනගන්නට ලැබීම සංවේගයට කරුණකි.

     

    මීගමු පුරවරයෙන් බිහි වූ මේ විශිෂ්ඨ ගායන ශිල්පියා දේවස්ථානයේ කන්තාරු කණ්ඩායම හරහා ඔපමට්ටම් වී ලක් මවට තිළිණ වූ අගනා දායාදයකි. දෙවිඳුන්ගෙන් ලද ප්‍රතිභාපූර්ණ ජීවිතය එතුමන්ට ප්‍රිය ප්‍රසන්න ලෙස ගත කළ ඔහු කිතු දහමටත්, පල්ලියටත් බෙහෙවින් සමීපව කටයුතු කළේය.

     

    මේ ප්‍රවීණ ගායන ශිල්පියා අසූව අනූව දශකයන්හි වඩාත් ජනාදරයට පාත්‍ර වූ හිරු පායා එන සුන්දර මොහොතක’, ‘ගම හැරදා සිදාදියට’, ‘සුදු සේල අගින්’,  වැනි රසික සිත්සතන් තුළ නිම්නාද නඟන සදාතන ගීත රැසක හිමිකරු ය. 

     

    විල්බට් ඇන්තනී ගායනවේදියාණන්ගේ හඬ, තවත් බොහෝ කාලයක් ලාංකේය ගීත ක්ෂේත්‍රය තුළ සහෘද හදවත් ආනන්දයෙන් පුරවමින් සවන් සනහනු ඇත. එතුමාගේ වියොවින් වේදනාවට පත් පවුලේ සැමට, ඥාති හිත මිත්‍රාදීන්ට මාගේත්, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya