මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික දිඹුලාගල පුදබිම දෙස්, විදෙස් ගෞරවය දිනාගත් ආකර්ශණීය පුදබිමක් ලෙස සංවර්ධනය කරනවා - ජනපති

    ජූලි 17, 2015
    ඓතිහාසික දිඹුලාගල පුදබිම වසර දෙකක් තුළ අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත දෙස්, විදෙස් ගෞරවය දිනාගත් ආකර්ශණීය පුදබිමක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිත්වය දරමින් වැඩ විසූ අපවත්වී වදාළ පූජ්‍ය කිතලගම සිරි සීලාලංකාර නායක හිමිපාණන් වහන්සේටත්, පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේටත් රජයක් ලෙස සිදුකළ හැකි ඉහළ ම ගෞරවය එය බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අපවත් වී වදාළ සිරිධම්ම රක්ඛිත වංසාලංකාර අනුවිජ්ජික ධුරන්දර අමරපුර මහ නිකායේ ශී‍්‍ර ධර්මරක්ෂිත පාර්ශවයේ සම්මානනායක උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට පසුගියදා ඓතිහාසික දිඹුලාගල පුද බිමේදී එක්වෙමිනි.
     
    දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩි විසු පූජ්‍ය කිතලගම සීලාලංකාර නායක ස්වාමින් වහන්සේත්, පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමින් වහන්සේත් දිඹුලාගල පුදබිමේ සංවර්ධනය උදෙසා කෙතරම් කැප වී කටයුතු කළද ඒ සඳහා නිසි රාජ්‍ය අනුග‍්‍රහය නොලැබුණු බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා වත්මන් රජය බලයට පත්ව මාස කිහිපයක් ඉක්ම යන විට පුදබිමේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට පියවර ගත් බවද පැවසීය. 
     
    විශ්වකර්ම නිර්මාණ ගුණයෙන් යුත් පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීම පළාතට පමණක් නොව රටට ම සිදු වූ බලවත් පාඩුවක් බව ද ජනාධිපතිතුමා පැවසීය.
     
    දිඹුලාගල වැනි දුෂ්කර කලාපයක වැඩ වෙසෙමින් නියඟයෙන්, දරිද්‍රතාවයෙන් පීඩාවිඳින අහිංසක ජනතාවගේ දුක සැප තමන්ද අත්විදිමන් දුෂ්කර ජීවිතයක කටුක අත්දැකීම් වළඳමින් විසූ පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමින් වහන්සේගේ දිවිපැවැත්ම වත්මන් භික්ෂු පරපුරුට මහත් ආදර්ශයක් බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya