මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැතිතුමාගේ රාමසාන් දින සුභ පැතුම් පණිවුඩය

    ජූලි 18, 2015

    “රාමසාන් උත්සවය මුස්ලිම් ජනතාව ඉමහත් භක්තියෙන්, උත්කර්ශයෙන් සමරන ආගමික උත්සවයක් වන්නා සේම එය සමස්ත ලෝක ප්‍රජාවට ඉතාම වැදගත් ආගමික සමාජයීය පණිවිඩ රැසක් රැගෙන එන ප්‍රමුඛ ආගමික උත්සවයකි.

     

    සහෝදර මුස්ලිම් ජනතාව සහෝදරත්වය, සමානාත්මතාවය, සහජීවනය යන උසස් පරමාර්ථ ප්‍රමුඛ කොට ගනිමින් පුරා මාසයක කාලයක් රාමසාන් උපවාස පිළිවෙත ඉටුකරති. එය ආහාර පිළිබඳ ඇති ආශාව, උවමනාව යටපත් කරගෙන කුසගින්නේ සිටීම පමණක් නොවේ. මෙහිදී වර්ධනය කරගන්නා කායික, මානසික සන්සුන් බව, සංයමය, විනය ඵලදායී යහපත් සමාජයක් බිහි කරගැනීමට මහඟු දායකත්වයක් ලබා දෙයි.

     

    තම සහෝදර ජනතාවගේ දුක් වේදනා, අවශ්‍යතාවන්ට සංවේදී වෙමින්, උපකාර ලැබිය යුතු ජනතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් පරිත්‍යාගී වෙමින්, සහෝදරත්වය, සහජීවනය ගොඩනැංවීමට රාමසාන් උපවාස කාලය විශේෂයෙන් උපකාරී වේ.  

     

    මුස්ලිම් ජනතාව මසක් පුරා පැවති මෙම උපවාස සමය නිමාකර මෙවර රාමසාන් උත්සවය සමරන්නේ සැකෙන් බියෙන් තොරව, නිදහසේ හුස්මක් ගත හැකි සමාජ වටපිටාවක් තුළ ය. එය සැමටම මහත් ප්‍රීතියටත්, සැනසුමටත් හේතු වන බව නිසැක ය.

     

    ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමමි. “

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya