මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් තරුණ නිපුණතා දිනයේ ප්‍රථම කොඩිය ජනපතිට

    ජූලි 15, 2015

    ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරන ලද යෝජනාවක් අනුව ජුලි 15 වන දිනය ජගත් තරුණ නිපුණතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    ජගත් තරුණ නිපුණතා දිනය ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර ප්‍රචලිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කරන ලද්දේ 2013 වසරේදීය.

     

    ඒ අනුව සෑම වසරකම ජූලි මස 15 වන දින ජගත් තරුණ නිපුණතා දිනය ලෙස නම් කර තිබේ.

     

    ශ්‍රී ලංකා යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජගත් තරුණ නිපුණතා දිනයක් ප්‍රකාශයට පත් කිරීම නිපුණතා කේෂත්‍රයේ ශ්‍රී ලංකා භූමිකාවට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමකි.

     

    එය සැමරීම උදෙසා නිපුණතා සංවර්ධන අමාත්‍ය පියසේන ගමගේ මහතා විසින් ජගත් තරුණ නිපුණතා දිනයේ ප්‍රථම කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අද (15) පෙරවරුවේදි පළඳන ලදී.

     

    ජනාධිපති නිල නිවසේදී පැවති මෙම අවස්ථාවට නිපුනතා සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආර්.එම්. අබේරත්න මහතා ඇතුඑ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya