මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නාවික හමුදාපති ජනපති හමු වෙයි

    ජූලි 14, 2015
    නව නාවික හමුදාපති ලෙස වැඩ භාරගත් වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. 
     
    ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඒ බව රාජ්‍ය නායකයා වෙත සැලකිරීමේ සම්ප්‍රදාය ඉටුකරමින් නව නාවික හමුදාපතිවරයා මෙලෙස ජනාධිපතිතුමා හමු විය.
     
    වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ශ්‍රී ලංකාවේ 20 වන නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වීය.
     
    NDH/ ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය 

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya