මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 10, 2015
    කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ පැවැත්විණි.  
     
    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමාව සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යන ලදී. 
     
    1865 වසරේ ඇරඹි කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ මුල්දින කවරය සහ සමරු මුද්දරයද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
     
    විද්‍යාලයේ 150 වන සැමරුම නිමිත්තෙන් විද්‍යාල භූමියේ නා පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, හිටපු අගරදගුරු ඔස්වල් ගෝමස් හිමිපාණන් ඇතුළු පියතුමන්ලා විද්‍යාලයේ විදුහල්පති ජනක ෆොන්සේකා මහතා ඇතුළු අචාර්ය මණ්ඩලය, දෙමාපියෝ ආදි සිසුහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya