මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මතින් නිදහස් රටක්" ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 09, 2015

    "මතින් නිදහස් රටක්" ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සහ මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවයට අද (09) පෙරවරුවේ ජා-ඇළ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

     
    මෙම වැඩසටහන ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා ඇත. 
     
    මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, නීති විරෝධී මත්ද්‍රව්‍යවලින් දේශපාලනඥයන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඉතා අත්‍යාවශ්‍ය දෙයක් බවයි. 
     
    නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වල කිසියම් දේශපාලනඥයෙක් නිරතවනවා නම් සහ ඉදිරියේදී නිරත වුවහොත් පක්ෂ, පාට, තරාතිරම නොබලා ඔහුට එරෙහි ව ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
     
    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද අන්‍යාගමික පූජකවරුන් ද හිටපු මැති ඇමතිවරු, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya